විශ‍්‍රාම යාමෙන් පසුවත් ජනපතිටම නිල නිවස

විශ්‍රාම යාමෙන් පසුවත් නිල නිවස ජනපතිටම දෙන්න කැබිනට් අනුමැතිය

by Staff writer 16-10-2019 | 8:10 AM

COLOMBO ( News 1st ) - ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ ඊයේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ සංදේශයකට අනුව ය. විශ‍්‍රාමික ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථානුකූලව ලබාදිය යුතු සියලු වරප‍්‍රසාදවලට අමතරව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ ජනාධිපතිතුමා මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා විශාල වැඩකොටසක් සිදුකිරීම හේතුවෙන් ය.