ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 12-10-2019 | 6:14 AM

දේශය පුවත්

1. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ජය තහවුරු කර ගෙන තිබේ. 2. විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අවසන්: මාසයකට වැඩි කාලයක් ක්‍රියාත්මක කළ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අවසන් කර තිබේ. 3. හිස්බුල්ලා ගැන ඩිලාන් හා එස්. බී. මත දෙකක: එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ඩිලාන් පෙරේරා සහ එස්. බී දිසානායක යන මන්ත්‍රීවරුන් පරස්පර අදහස් පළ කර තිබේ. 4. පළිගැනීමට කාලය වැය කළ නිසා ආණ්ඩුවට ජනතා සේවය මග හැරුණා – මහින්ද රාජපක්ෂ: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවක් කුරුණෑගල, විල්ගොඩ ප්‍රදේශයේ දී පැවැත් විය.

විදෙස් පුවත්

5. චීන ජනපති හා ඉන්දීය අගමැති හමුවක්: ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර දෙදින නිල නොවන හමුව ඊයේ පැවැත්විය.