චීන ජනපති හා ඉන්දීය අගමැති හමුව අද

චීන ජනපති හා ඉන්දීය අගමැති හමුව අද

by Staff writer 11-10-2019 | 11:13 AM
(News 1st) - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර දෙදින නිල නොවන හමුව අද පැවැත්වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම හමුව තමිල්නාඩු ප්‍රාන්තයේ මමල්ලාපූරම් වෙරළබඩ නගරයේදී පැවැත්වීමට නියමිත බව ය. මෙම හමුව සඳහා චීන ජනාධිපතිවරයා සමග ‍චිනයේ ඉහළ පෙළේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිලධාරීන් පිරිසක් සහභාගී වනු ඇති. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමගින් විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් ද මෙම සාකච්ඡා සඳහා එක් වනු ඇති බව සඳහන් ය. එහිදී නව දේශසීමා ආරක්ෂක පියවර සහ ශක්තිමත් පුද්ගල සබඳතා සම්බන්ධයෙන් දෙපාර්ශවයේ වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව තිබේ.