ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 28-09-2019 | 6:38 AM

දේශීය පුවත්

1. සෝෆා සහ MCC ගිවිසුම් ගැන අපේ රජයක් යටතේ සලකා බැලීමට සූදානම්: අමෙරිකාව සමග සෝෆා සහ මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම් දෙක තම රජයක් යටතේ සලකා බැලීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. 2. රත්නපුරේ හමා ගිය සුළඟින් නිවාස 10,000 ක විදුලි සැපයුම ඇණහිටී: රත්නපුර නගරය ආශ්‍රිත ප්‍රදේශය හරහා ඊයේ සවස හමාගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටී තිබේ. 3. හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් වීජේවීර සහ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් FCID අත්අඩංගුවට: හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර සහ හිටපු රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන මහත්වරුන්ව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 4. වත්මන් රජයේ වංචා – දූෂණ සොයන ජනපති කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට: වත්මන් රජයේ වංචා හා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දී තිබේ.

විදෙස් පුවත්

5. ඉරානය භාරයේ පැවති බ්‍රිතාන්‍ය ධජය සහිත නෞකාව පිටත්ව යයි: ඉරානය භාරයේ පැවති බ්‍රිතාන්‍ය ධජය සහිත ඉන්ධන නෞකාව පිටත්ව ගොස් තිබේ.