සෝෆා සහ MCC ගිවිසුම් ගැන අපේ රජයක් යටතේ සලකා බැලීමට සූදානම්

by Staff writer 27-09-2019 | 9:35 PM

COLOMBO (News 1st) - අමෙරිකාව සමග සෝෆා සහ මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම් දෙක තම රජයක් යටතේ සලකා බැලීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ ය. ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල,
රටවල් දෙකටම එක සමානව වාසිදායක තත්ත්වයක් තියෙනවා නම් විතරයි අපි විදේශීය ගිවිසුමකට අත්සන් තබන්නේ පළමුව අපිට ඒ ගිවිසුම අධ්‍යයනය කරන්න අවශ්‍යයි. ඒ සඳහා අපි ඉල්ලීමක් කරලා තියෙන්නේ. මට නම් ප්‍රකාශ කරන්න අවශ්‍යතාවක් නෑ නමුත් මට හමුවුණු විදේශිය ඇමතිවරු දෙදෙනෙක්ම පැවසුවා මෙය හුදෙක් වාණිජමය රටවල් දෙකටම වාසිදායක වන ගිවිසුමක් පමණයි කියලා. මට ඒ අයගේ රටවල් ගැන කියන්න අවශ්‍යතාවක් නැහැ