රත්නපුරේ නිවාස 10,000 ක විදුලි සැපයුම ඇණහිටී

රත්නපුරේ හමා ගිය සුළඟින් නිවාස 10,000 ක විදුලි සැපයුම ඇණහිටී

by Staff writer 27-09-2019 | 9:04 PM

COLOMBO (News 1st) - රත්නපුර නගරය ආශ්‍රිත ප්‍රදේශය හරහා අද සවස හමාගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටී තිබේ.

විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, අදාළ තත්ත්වය හේතුවෙන් විදුලි පාරිභෝගිකයින් 10,000 කට ආසන්න පිරිසකට පමණ විදුලිය විසන්ධි වී ඇති බවයි. සිදු ව ඇති හානිය අනුව විදුලිය බලය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.