ඉරානය භාරයට ගැනුණු ඉන්ධන නෞකාව පිටත්ව යයි

ඉරානය භාරයේ පැවති බ්‍රිතාන්‍ය ධජය සහිත නෞකාව පිටත්ව යයි

by Staff writer 27-09-2019 | 4:01 PM

News 1st - ඉරානය භාරයේ පැවති බ්‍රිතාන්‍ය ධජය සහිත ඉන්ධන නෞකාව පිටත්ව ගොස් තිබේ.

ඒ, මාස දෙකකට පසුවයි. විදෙස් වාර්තා අනාවරණ කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් අදාළ නෞකාව ඉරානයේ බන්ද්‍රා අබ්බාස් වරායෙන් එළෙස පිටත්ව ගොස් ඇති බවයි. නීති විරෝධී ඉන්ධන ජාවාරම් කිරීමේ චෝදනාව මත කාර්යය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත ස්ටෙනා ඉම්පෙරෝස් නැමැති එම නෞකාව පසුගිය ජූලි මස 19 වැනි දා ඉරාන භාරයට ගැනුණි. කෙසේ වෙතත් මීට සතියකට පමණ ඉහතදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් නිදහස් කර තිබේ.