ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 22-08-2019 | 6:03 AM

දේශීය පුවත්

1. ශ්‍රීලංකන් කාබාසිනියා කළ යානා මිලදී ගැනීමේ ගනුදෙනුව: ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ වනවිට රුපියල් බිලියන 116 ක මෙහෙයුම් අලාභයක් ලබන බව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව අනාවරණය කරයි. 2. එම්. ඒ. සුමන්දිරන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්: දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. 3. ඇවන්ගාඩ් නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්: ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. 4. නව යුද හමුදාපතිවරයා රාජකාරී අරඹයි: නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ සිය රාජකාරී ආරම්භ කළේ ය.

විදෙස් පුවත්

5. බටහිර පැපුවා පළාතේ විරෝධතාවක් අතරතුර පළාත් පාලන ආයතනයකට ගිනි තබයි: බටහිර පැපුවා පළාතේ බන්ධනාගාරයකින් සිරකරුවන් 250කට අධික පිරිසක් පළා ගොස් තිබේ.