ශ්‍රීලංකන් කාබාසිනියා කළ යානා මිලදී ගැනීමේ ගනුදෙනුව

by Staff writer 21-08-2019 | 8:12 PM

COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ වනවිට රුපියල් බිලියන 116 ක මෙහෙයුම් අලාභයක් ලබන බව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද අනාවරණය කර තිබේ.

2009 සිට 2019 දක්වා සමාගම ලැබු මුළු පාඩුව රුපියල් බිලියන 240 කි. සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනු පිළිබඳව කෝප් වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.