බටහිර පැපුවාහි පළාත් පාලන ආයතනයකට ගිනි තබයි

බටහිර පැපුවා පළාතේ විරෝධතාවක් අතරතුර පළාත් පාලන ආයතනයකට ගිනි තබයි

by Staff writer 21-08-2019 | 10:53 AM
(News 1st) - බටහිර පැපුවා පළාතේ බන්ධනාගාරයකින් සිරකරුවන් 250කට අධික පිරිසක් පළා ගොස් තිබේ. ඒ, එරට පැවැත්වෙන විරෝධතා අතරතුර ය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට විරෝධතාකරුවන් මහා මාර්ග අවහිර කරමින් පැවැත්වූ විරෝධතා අතරතුර බන්ධනාගාර ගොඩනැගිල්ල ඇතුළු තවත් ගොඩනැගිලි කිහිපයකට ගිනි තබා ඇති බව ය. ඉන්දුනීසියානු ධජයට අගෞරව කිරීමේ චෝදනාව මත බටහිර පැපුවා ප්‍රාන්තයේ සිසුන් පිරිසක් සුරබායා නගරයේ රඳවා ගැනීමත් සමග විරෝධතා ආරම්භ විය. සිසුන් නිදහස් කරන්නැයි ඉල්ලමින් පසුගිය සඳුදා සිට පැවති විරෝධතා අතරතුර විරෝධතාකරුවෝ පළාත් පාලන ආයතනයකට ද ගිනි තැබූහ. එරට බලධාරීන් සඳහන් කළේ, පළා ගිය සිරකරුවන්ගෙන් කිහිප දෙනෙකු මේ වන විට භාර වී ඇති බව ය. මෙම සිද්ධියෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිප දෙනෙකු ද තුවාල ලබා තිබේ.