නව යුද හමුදාපතිවරයා රාජකාරී අරඹයි

by Staff writer 21-08-2019 | 11:06 AM
COLOMBO (News 1st) - නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද සිය රාජකාරී ආරම්භ කළේ ය. ඒ, පෙරවරු 9.52ට යෙදුණු සුබ මොහොතිනි. යුද හමුදාපතිවරයා වෙනුවෙන්, යුද හමුදා මූලස්ථානයේදී සම්මාන මුරයක් හා ආචාර පෙළපාලියක් ද පැවැත්විණි. ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස පසුගිය සඳුදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබී ය. 1984 වර්ෂයේදී ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වූ ශවේන්ද්‍ර සිල්වා මහතා එල්.ටී.ටී.ඊ ය සමග පැවති යුද්ධයේදී 58 වන බල සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර යුද හමුදාපති ධූරයට පත් වීමට පෙර, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කටයුතු කරනු ලැබුවේ ය.