ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 04-08-2019 | 6:30 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1. ජමාතේ මිල්ලතු ඊබ්‍රාහිම් හෙවත් JMI නමැති තහනම් සංවිධානයේ නැගෙනහිර පළාතේ සන්නද්ධ නායකයා අත්අඩංගුවට ගෙන තිබේ. 2. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට නම් කරන ලෙස ඉල්ලමින් දීප ව්‍යාප්තව පෙත්සමකට අත්සන් ගැනීමේ වැඩසටහනක් ඊයේ ආරම්භ කෙරිණි. 3. වැලිකඩ බන්ධනාගාරයේ පුහු‍ණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා අම්බලන්ගොඩදී වෙඩි තබා ඝාතනය කර තිබේ. 4. මීරිගම බාඳුරාගොඩ ප්‍රදේශයේ එකම ස්ථානයකින් නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. 5. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. විදෙස් පුවත් 6. ඉන්දුනීසියාවට නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන ඉවත් කර තිබේ.