ඉන්දුනීසියාවට නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම ඉවතට

Update : ඉන්දුනීසියාවට නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම ඉවතට

by Staff writer 03-08-2019 | 6:39 AM
COLOMBO (News 1st) : ඉන්දුනීසියාවට නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදන ඉවත් කර තිබේ. එම අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණේ සුමාත්‍රා දූපත් ආසන්නයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් පසුවයි. එහි ප්‍රබලත්වය සටහන් වූයේ, මැග්නිටියුට් ඒකක 6.9 ක් ලෙසයි. භූ කම්පනයත් සමග ප්‍රදේශ රැසක නිවාස සහ ගොඩනැගිලි තත්පර කිහිපයක් යම් සෙළවීමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. අනතුරුව බාන්ටේන්, බටහිර ජාවා, ලාම්පන්ග් ඇතුළු වෙරළ කලාපවලට එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළේ ය. සමුද්‍රාසන්න ප්‍රදේශවල පිහිටි නිවාස සහ ගොඩනැගිලිවලින් ජනතාව ඉවත් කෙරුණේ ඉන් අනතුරුවයි. කෙසේ වෙතත් සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කිරීමත් සමග ජනතාව යළි සිය වාසස්ථාන කරා පැමිණ තිබේ. භූ කම්පනයෙන් ජීවිත හෝ දේපළ හානියක් සිදුව ඇති බවට, මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.