ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 27-07-2019 | 6:50 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1. ශ්‍රී ලංකාවට විදේශීය කසළ ගෙන්වීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා ගොනු කළ හැකි දැයි සොයා බලන ලෙස නීතිඥවරුන්ට දන්වා ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. 2. ඊයේ අලුයම ගලේවෙල – කලාවැව හන්දියේ බස් නැවතුම්පොළක නිදා සිටි පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර තිබේ. 3. එ.ජා.ගේ විශේෂ නියෝජිතයින් මැතිවරණයක් සමීපයේ රට තුළට රිංගා කරන සාකච්ඡා මොනවා ද? 4. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් ඊයේ සන්ධාන ගත විය. විදෙස් පුවත් 5. 2003 වසරෙන් පසු මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට අමෙරිකානු මධ්‍යම රජය තීරණය කර තිබේ. ක්‍රීඩා පුවත් 6. බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 91ක ජයක් වාර්තා කළේ ය.