දෙදෙනෙක් බලාසිටියදී ගලේවෙල කළ මිනී මැරුම

by Staff writer 26-07-2019 | 10:13 PM

COLOMBO (News1st) - අද අළුයම ගලේවෙල - කලාවැව හන්දියේ බස් නැවතුම්පොළක නිදා සිටි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ.

ගලේවෙල ප්‍රාදේශිය සභාවේ කම්කරුවෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර ඔහුගේ වයස අවුරුදු 70 කි. බස්නැවතුම්පොළේ නිදා සිටි ඔහුට පහරදී ඇත්තේ වේලා සටහන්කරුවෙකු යැයි හෙළිව තිබෙන බව ද පොලිසිය පැවසුවේ ය. සැකකරු ගලේවෙල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ සැකකරු අතර ආරවුලක් ඇති වී ඇති අතර පසුව ඔහු අධික ලෙස බීමත්ව පැමිණ මෙම පුද්ගලයාට පහරදි ඇති බව මූලික පරීක්ෂණවලදී අණාවරණය වී ඇතැයි පොලීසිය පැවසීය.