එජාගේ විශේෂ නියෝජිතයින් මැතිවරණයක් සමීපයේ රට තුළට රිංගා කරන සාකච්ඡා මොනවා ද?

by Staff writer 26-07-2019 | 9:54 PM

COLOMBO (News 1st) - එකිනෙකා ඇසුරු කිරීමේ සහ සාමකාමීව එක්රැස්වීමේ අයිතිවාසිකම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් නියලෙට්සෝසි වෝල් මහතා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

මෙම විශේෂ නියෝජිතයාගේ ශ්‍රී ලංකා සංචාරය ප්‍රශ්නගතවූයේ අගවිනිසුරුවරයා හා මහාධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනෙකු හමුවීමට කැඳවූ බව කියන සිදුවීමක් අනාවරණයවීමත් සමගයි. රොෂේන් චානක ඝාතනය, රතුපස්වල සිදුවීම සහ වැලිකඩ බන්ධනාගාර ගැටුම පිළිබඳව ඔහු විශේෂ අවධානයක් යොමුකරමින් මෙම හමුවීම් සූදානම් කර තිබූ බව පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. කථානායක මැදිහත්වීමෙන් මහාධිකරණ විනිසුරුවරුන් හමුවීම වැළැක්වුනත් ඔහු අගවනිසුරුවරයා හමුවී තිබුණි.   එක්සත් ජාතින්ගේ නියෝජිතයෙකුට මෙරට අගවිනිසුරුවරයා කැඳවීමට ඇති හැකියාව ගැටලු සහගතයි. ටියුනීසියාව, ආමේනියාව වැනි රටවල සංචාරය කිරීමේදී ඔහු මෙවැනි හමුවීම් සිදු කිරීම ශ්‍රී ලාංකික අපට අදාළ කරුණක් නොවේ. එහෙත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු තුනෙන් එකක වන අධිකරණයේ ප්‍රධානියා කැඳවීමට විදේශ නියෝජිතයෙකුට ඇති බලය කුමක් ද? මෙය රටේ ස්වෛරීත්වයට කෙරෙන බලපෑමක් නොවන්නේ කෙසේ ද? මේ හමුවීමම වැරදි සහගත බැවින් සාකච්ඡා කළ දේ රහසිතගයැයි ඔහු පවසන්නේ කෙසේ ද? අගවිනිසුරුවරයා කැඳවීම රටේ විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා කැදවීම හා සමාන තත්ත්වයක් නොවන්නේ ද? ජනාධිපතිවරයාත් ධූරයේ දිවුරුම් දෙන්නේ අගවිනිසුරුවයා ඉදිරියේයි. මෙය එක්සත් ජාතීන් රටට හා ලොවට විහිළු සැපයීමක් නොවේද? එක්සත් ජාතීන් අප වැනි රටවලට ඇතුලුවී මානව හිමිකම් ගැන සෙවීමට උනන්දුවන ආකාරයෙන් අමෙරිකාව වැනි ලෝක බලවතුන් ගැන සොයන්නට උනන්දුවක් දක්වන්නේ ද? මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම පැනවීමට ගත් තීරණයට විරුද්ධවන මේ ජාත්‍යන්තර සංවිධාන අමෙරිකානු මධ්‍යම රජය වසර 16 කට පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමය තීරණය කිරීම ගැන දරණ මතය කුමක් ද? ඉරාකය, ලිබියාව, සිරියාව, ඇෆ්ගනිස්ථානය වැනි රටවල් තුළ අමෙරිකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන එක්සත් ජාතීන් දරණ ප්‍රතිපත්තිය කුමක් ද? මේවා ගැන නිහඩව සිටින මේ විශේෂ නියෝජිතයින් මැතිවරණයක් සමීපයේ අපේ රට තුළට රිංගා රහසේ කරන සාකච්ඡා මොනවා ද? කවුරුන් නැතත් රටේ ජනතාව නම් මේවා ගැන අවධානයෙන්...