ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 27-05-2019 | 6:44 AM
දේශීය පුවත්... 1. මංතීරු නීතියට අනුගත වීමට රියැදුරන්ට සති 2ක සහන කාලයක් : දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව මංතීරු නීතිය ක්‍රියාවට නැංවීමට පොලීසිය තීරණය කර තිබේ. 2. මන්ත්‍රී කණ්ඩායමක් මහා නාහිමිවරුන් බැහැදකී : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් අද මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටුවේ ය. 3. මරණ දඬුවම හා දිවි ඇති තෙක් සිරගෙට නියමවූ 13 ක් වැලිකඩ හා මහරින් බූස්සට : පාතාල අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම් නියමවී සිටින සහ ජීවිතාන්ත සිර දඬුවම් විඳින සිරකරුවන් රැසක් බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ. 4. වෛද්‍ය මොහොමඩ් සාෆිට එරෙහිව වෛද්‍යවරු ඇතුළු 10කගෙන් පැමිණිලි : අත්අඩංගුවට ගත් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැත්තා විසින් නීතිවිරෝධී වඳ සැත්කම් සිදුකරනු ලැබ ඇති බවට, මේ වන විට පැමිණිලි 10 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ. 5.  දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම් : දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව හමුදාව පවසයි. 6. හලාවත රිය අනතුරකින් තරුණයින් තිදෙනෙකු මරුට : හලාවත, ආණමඩුව ප්‍රධාන මාර්ගයේ නාගවිල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තරුණයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් පුවත්...

1. ඉන්දීය අගමැති ධූරයට නරේන්ද්‍ර මෝදි යළි පත් කෙරේ : ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් 75 වන වගන්ති ප්‍රකාරව ඉන්දීය ව්‍යවස්ථාවෙන් තමාට පවතින බලතළ ක්‍රියාත්මක කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයට නරේන්ද්‍ර මෝදි යළි පත් කර තිබේ.

ක්‍රීඩා පුවත්...

2. ලෝක කුසලානයේ පුහුණු තරගයෙන් ඉන්දීයාවට එරෙහිව නවසීලන්තයට කඩුලු 6 ක ජයක් : ඉන්දීය කණ්ඩායම සමග මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැති පුහුණු තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.