ඉන්දීයාවට එරෙහිව නවසීලන්තයට කඩුලු 6 ක ජයක්

ලෝක කුසලානයේ පුහුණු තරගයෙන් ඉන්දීයාවට එරෙහිව නවසීලන්තයට කඩුලු 6 ක ජයක්

by Staff writer 26-05-2019 | 9:59 AM

News 1st - ඉන්දීය කණ්ඩායම සමග මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැති පුහුණු තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 39 යි පන්දු 2 ක් අවසානයේ ලකුණු 179 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් විණි. නායක විරාත් කෝලි ලකුණු 18 ක් රැස් කළ අතර හර්දික් පාන්ඩ්‍යා ලකුණු 30 යි. මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 17 ක් රැස් කළ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රවින්ද්‍ර ජඩේජා ලකුණු 54 ක් රැස් කළේ ය. කුල්දීප් යාදෙව් ලකුණු 19 යි. පන්දු යැවීමේදී ට්‍රේන්ට් බෝල්ට් ලකුණු 33 ට කඩුලු 4 ක් දවා ගත් අතර ජේම්ස් නීෂම් කඩුලු 3 ක් දවා ගත්තේ ය. අනතුරුව ජයග්‍රහනය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයින් එම ඉලක්කය පසුකළේ පන්දුවාර 37 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී තිබියදීයි. මාටින් ගප්ටිල් ලකුණු 22 ක් රැස් කළ අතර නායක කේන් විලියම්සන් ලකුණු 67 ක් රැස් කළේ ය. රෝස් ටේලර් ලකුණු 71 ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැඳි සිටි හෙන්රි නිකොල්ස් ලකුණු 15 යි. පන්දු යැවීමේදී ජස්බ්‍රිට් බුම්රා, හර්දික් පාන්ඩ්‍යා, යුස්වේන්ද්‍රර් චහාල් සහා රවීන්ද්‍ර ජඩේජා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේ ය.