මංතීරු නීතියට අනුගත වීමට රියැදුරන්ට සහන කාලයක්

මංතීරු නීතියට අනුගත වීමට රියැදුරන්ට සති 2ක සහන කාලයක්

by Staff writer 26-05-2019 | 10:10 PM
COLOMBO (News 1st) : දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව මංතීරු නීතිය ක්‍රියාවට නැංවීමට පොලීසිය තීරණය කර තිබේ. ඒ අනුව, බස් රථ රියැදුරන් ඇතුළු බර වාහන රියදුරන්ට ඊට අනුගත වීම සඳහා හෙට සිට සති දෙකක සහන කාලයක් ලබා දෙන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය. ඉන් අනතුරුව මංතීරු නිතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන අතර, එය උල්ලංඝනය කරන රියැදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනු ඇති. මංතීරු නීතිය, බර වාහන රියදුරන්, බස් රථ රියැදුරන්