අද ත් දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම්

අද ත් දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම්

by Staff writer 26-05-2019 | 7:50 AM

COLOMBO (News 1st) - අද ත් දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව හමුදාව පවසයි.

වැඩබලන හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා ත්‍රිවිධ හමුදාවම ඒකාබද්ධව එම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවය. ඊයේ දිනයේ කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම හා කුරූණෑගල දිස්ත්‍රික්කවල යුද හාමුදාව හා පොලීසිය ඒකාබද්ධව මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි. මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න මහතා සඳහන් කළේ, එහිදි විවිධ හේතු මත සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ස්ථාන වෙත භාරදුන් බව ද වැඩබලන හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.