ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 15-10-2018 | 6:10 AM
COLOMBO (News 1st) :

දේශීය පුවත්

1 . නාලක ද සිල්වා සහ නාමල් කුමාර අතර දුරකතන සංවාද ඇතැම් අතුරුදන් : නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකා අධ්‍යක්ෂ නාමල් කුමාර අතර ඇතිවු දුරකථන සංවාදවල ඇතැම් කොටස් විනාශ කර ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 2. දෙහිඅත්තකණ්ඩියේ අනතුරකින් එකම පවුලේ තිදෙනකු මරුට : දෙහිඅත්තකණ්ඩිය ලිහිණියාගම උත්තලපුර ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තුන්දෙනෙකු මියගොස් තිබේ. 3. ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ගාස්තු ග්‍රාම නිලධාරීන්ට ගෙවීමේ අවස්ථාව : ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ගාස්තු ග්‍රාම නිලධාරීන්ට ගෙවීමට හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 4. පොලිස් කොමිසමේ නිල කාලය අදින් අවසන් : ජාතික පොලිස් කොමිසමේ නිල කාලය අදින් අවසන් වේ. එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, නව සමාජිකයින් පත් කරන තෙක් වත්මන් සාමාජිකයින් සිය ධූරවල කටයුතු කරනු ඇති බවයි. 5. දේශපාලන වාසි තකා ප්‍රකාශ නිකුත් නොකර, රට හා ජාතිය පිළිබඳ වගකීමකින් කටයුතු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක් : දේශපාලන වාසි තකා ප්‍රකාශ නිකුත් කිරීම වෙනුවට රටත්, ජාතියත් පිළිබඳ වගකීමකින් කටයුතු කරන්නැයි තමන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. විදෙස් පුවත්... 1. රයිස්’ නගරයේ සංක්‍රමණිකයින් ඉවතට – තීන්දුවට එරෙහි වූ නගරාධිපති නිවාස අඩස්සියේ : සුප්‍රසිද්ධ රයිස් නගරයෙන් සංක්‍රමණිකයින් ඉවත් කිරීමට ඉතාලි රජය තීරණය කර තිබේ. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ලබන සතියේ ඔවුන් වෙනත් සංක්‍රමණික මධ්‍යස්ථානවලට යොමු කරන බවයි.