ජනපතිගෙන් ඉල්ලීමක් !

දේශපාලන වාසි තකා ප්‍රකාශ නිකුත් නොකර, රට හා ජාතිය පිළිබඳ වගකීමකින් කටයුතු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක් !

by Staff writer 14-10-2018 | 6:47 AM

COLOMBO (News 1st) - දේශපාලන වාසි තකා ප්‍රකාශ නිකුත් කිරීම වෙනුවට රටත්, ජාතියත් පිළිබඳ වගකීමකින් කටයුතු කරන්නැයි තමන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, මහර නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමිනි. එම පරිපාලන ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 445 ක් වනු ඇත. වාණිජ බැංකු, තැපැල් කාර්යාල, කලාප අධ්‍යාපන කාර්යාලය, ග්‍රාම නිලධාරී කාර්යාල ඇතුලු ආයතන රැසකින් මෙය සමන්විත වේ.