පොලිස් කොමිසමේ නිල කාලය අදින් අවසන්

පොලිස් කොමිසමේ නිල කාලය අදින් අවසන්

by Staff writer 14-10-2018 | 7:09 AM

COLOMBO (News 1st) - ජාතික පොලිස් කොමිසමේ නිල කාලය අදින් අවසන් වේ.

එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, නව සමාජිකයින් පත් කරන තෙක් වත්මන් සාමාජිකයින් සිය ධූරවල කටයුතු කරනු ඇති බවයි. ජාතික පොලිස් කොමිසමට සමාජිකයින් පත් කිරීම සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙනි. 2015 ඔක්තෝබර් මස 14 වන දා සිට පොලිස් කොමිසම බලාත්මක විය. එහි සභාපතිවරයා ලෙස පත් කෙරුනේ, මහචාර්ය සිරි හෙට්ටිගේ මහතායි. පොලිස් කොමිසමේ වත්මන් සභාපතිවරයා ලෙස පී. එම්. මනතුංග මහතා කටයුතු කරනු ඇත. මේ අතර ගත වූ වසර 3 තුළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි 5000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික පොලිස් කොමිසම පවසයි. ඉන් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ, රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙනි. පැමිණිලිවලින් බොහෝමයක් වසර 8 කට අධික කාලයක් විභාග නොවීමෙන් ගැටලු රැසක් උද්ගත වූ බව ද ජාතික පොලිස් කොමිසම සඳහන් කළේ ය.