ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 05-10-2018 | 6:34 AM
COLOMBO (News 1st) 1. සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් යොමු කර තිබේ. 2. කොළඹ කසළ පුත්තලමට බැහැර කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බලධාරීන් සැබෑ තොරතුරු වසන් කරමින් සිටින බවට ප්‍රදේශවාසී ජනතාව චෝදනා කරමින් සිටියි. 3. වසරේ මේ දක්වා කාලය තුළ සිදු කළ දීප ව්‍යාප්ත පොලිස් මෙහෙයුම්වලින් වරෙන්තුකරුවන් 10,975 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 4. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඊයේ තවදුරටත් අවප්‍රමාණය විය. 5. උතුරු හා නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. විදෙස් පුවත් 6. පුද්ගලයින් 1400 කට ආසන්න පිරිසකට මරු කැඳවමින් ඉන්දුනීසියාවේ සුලාවේසි දිවයිනට බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් අසරණ වූ ජනතාවට ආධාර සැපයීමට අමෙරිකාව එකඟ වී තිබේ.