වරෙන්තුකරුවන් 10975ක් පොලිස් අත්අඩංගුවට

වසරේ ගත වූ කාලය තුළ පොලිස් මෙහෙයුම්වලින් වරෙන්තුකරුවන් 10975 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 04-10-2018 | 5:10 PM
COLOMBO (News 1st) - වසරේ මේ දක්වා කාලය තුළ සිදු කළ දීප ව්‍යාප්ත පොලිස් මෙහෙයුම්වලින් වරෙන්තුකරුවන් 10,975 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ එම කාල සීමාව තුළ මෙහෙයුම් 12ක් සිදු කර ඇති බව ය. එහිදී අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන් සංඛ්‍යාව 5504කි. විවිධ අපරාධවලට සම්බන්ධ 8514 දෙනෙකු මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ. රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 58123 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.