ඉන්දුනීසියාවේ අසරණ වූවන්ට අමෙරිකාවෙන් ආධාර

ඉන්දුනීසියාවේ අසරණ වූවන්ට ආධාර සැපයීමට අමෙරිකාව සූදානම්

by Staff writer 04-10-2018 | 7:53 AM

පුද්ගලයින් 1,400 කට ආසන්න පිරිසකට මරු කැඳවමින් ඉන්දුනීසියාවේ සුලාවේසි දිවයිනට බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් අසරණ වූ ජනතාවට ආධාර සැපයීමට අමෙරිකාව එකඟ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තව ත් රටවල් 16 ක් විපතට පත් ඉන්දුනීසියානුවන්ට ආධාර කිරීම සඳහා සාමූහීකත්වයේ දෑත් යොමු කර ඇති බවයි. වියළි ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදිය සහිත නෞකාවක් එළඹෙන සිකුරාදා ඉන්දුනීසියාවට ළඟාවීමට නියමිත බව ලෝක රතු කුරුස සංවිධානය ද පවසයි.