ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 21-01-2019 | 6:35 AM

දේශීය පුවත්...

1. වෙන්නප්පුවේමාරක අනතුර සිදුවූ ස්ථානයෙන් පිස්තෝලයක් හමුවෙයි: පුද්ගලයින් 06 දෙනෙකුට මරු කැදවමින් , වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ ඊයේ අනතුරට ලක්වූ මෝටර් රථය අසල තිබී විදේශිය රටක නිෂ්පාදිත පිස්තෝලයක් පොලිසිය භාරයට ගෙන තිබේ. 2. අත් පා ගැට ගසා පුළුස්සා දැමූ මළ සිරුරක් කොල්ලුපිටියෙන් හමුවෙයි :අත් පා ගැට ගසා පුළුස්සා දැමූ මළ සිරුරක් කොල්ලුපිටියෙන් හමුවෙයි 3.දිවයින පුරා මෙහෙයුමකින් සැකකරුවන් 3808ක් පොලිස් අත්අඩංගුවට: දිවයින පුරා ක්‍රයාත්මක කළ විශේෂ මෙහෙයුමකදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 3808 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 4.හෙරොයින් කිලෝ 1.5 ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට : පන්නිපිටිය, කලල්ගොඩ සහ තලවතුගොඩ ප්‍රදේශවලදී හෙරොයින් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 5.කොළඹ, ජම්පටාවීදියේ වෙඩි තැබීමක්.. : කොළඹ, ජම්පටාවීදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් ඇති බවයි. 6.අමාත්‍ය කාර්යභාරයන් සංශෝධනය කරමින් ගැසට් පත්‍ර 2ක්: කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍ය ධුර කිහිපයකට අදාළව රාජ්‍ය ආයතන හා කාර්ය භාරයන් සංශෝධනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිවිශේෂ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර තිබේ.

විදේශීය පුවත්...

1. සංක්‍රමණිකයින්ට වසර තුනක සේවා වරම්: නීතිවිරෝධි සංක්‍රමණිකයින්ට තව ත් වසර 3 ක් සඳහා සේවා බලපත්‍ර ලබාදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ක්‍රීඩා පුවත්...

1.හිටපු ක්‍රිකට් ක්‍රීඩක මිත්‍ර වෙත්තමුණි මහතා අභාවප්‍රාප්තවෙයි : හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මිත්‍ර වෙත්තමුණි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. ඔහු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සිදත් වෙත්තමුනි මහතාගේ සොහොයුරෙකි.