වෙන්නප්පුවේ අනතුරට ලක් වූ මෝටර් රථය අසල පිස්තෝලයක්

Update : වෙන්නප්පුවේමාරක අනතුර සිදුවූ ස්ථානයෙන් පිස්තෝලයක් හමුවෙයි

by Staff writer 20-01-2019 | 6:47 AM
Update :  පුද්ගලයින් 06 දෙනෙකුට මරු කැදවමින් , වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ අද අනතුරට ලක්වූ මෝටර් රථය අසල තිබී විදේශිය රටක නිෂ්පාදිත පිස්තෝලයක් පොලිසිය භාරයට ගෙන තිබේ. එම පිස්තෝලය ,අනතුරට ලක්වූ මෝටර් රථයේ තිබෙන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. ඒ සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අද අලුයම 3 20 ට පමණ හලාවත දෙසට ධාවනයවු මෝටර් රථයක් ඉදිරියෙන් ගමන් ගත් මාළු ලොරියක පිටුපස ගැටීමෙන් අනතුර සිදුවු , අතර ඉන් 06 දෙනෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලැබූහ. පොලීසිය සඳහන් කළේ, අනතුරට හේතුව මෝටර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය බවයි. ---------------------------------------------------------------------------------------------------------------

COLOMBO (News 1st) - වෙන්නප්පුව, නයිනමඩම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.

ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 3 කි. පොලීසිය සඳහන් කළේ, අද අලුයම 3.20 ට පමණ මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි. ඒ, වෙන්නප්පුව දෙසට ගමන් කළ ලොරි රථයක පිටුපස මෝටර් රථය ගැටීමෙනි. තුවාලකරුවන් දෙදෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර තව ත් අයෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇත. සාදයකට සහභාගීවී පැමිණෙමින් සිටි පිරිසක් එලෙස මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. මියගිය සියලු දෙනා මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයින් වන අතර ඔවුන් වෙන්නප්පුවේ පදිංචිකරුවන් පිරිසකි.