සංක්‍රමණිකයින්ට වසර තුනක සේවා වරම්

සංක්‍රමණිකයින්ට වසර තුනක සේවා වරම්

by Staff writer 20-01-2019 | 7:44 AM

නීතිවිරෝධි සංක්‍රමණිකයින්ට තව ත් වසර 3 ක් සඳහා සේවා බලපත්‍ර ලබාදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ධවල මන්දිරයේදී මාධ්‍ය අමතමිනි. මේ වන විට අමෙරිකාවේ සිටින සංක්‍රමණිකයින් සංඛ්‍යාව ලක්ෂ 7 ක්. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තමා සූදානම් බව ද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පැවසුවේ ය. මේ අතර මෙක්සිකෝ පවුරේ ඉදිකිරීම් කිසිදු අයුරකින් අත්නොහරින බව අමෙරිකානු ජනාධිපතිවරයා යළි අවධාරණය කර තිබේ. ඒ වෙනුවෙන් අවශ්‍ය අමෙරිකානු ඩොලර් බිලියන 5.7 ක මුදලට අනුමැතිය දෙන්නැයි ඔහු යළි ඉල්ලීමක් ද කරනු ලැබුවේ ය. අදාළ ඉල්ලීම සහ අය වැය ඩිමොක්‍රටික් සභිකයින් අනුමත නොකිරීමත් සමග අමෙරිකානු ආණ්ඩුව අර්ධ වශයෙන් අක්‍රීය තත්ත්වයට පත් ව අදට දින 29 කි.