අත් පා ගැට ගසා පුළුස්සා දැමූ මළ සිරුරක් හමුවෙයි

අත් පා ගැට ගසා පුළුස්සා දැමූ මළ සිරුරක් කොල්ලුපිටියෙන් හමුවෙයි

by Staff writer 20-01-2019 | 12:55 PM

COLOMBO (News 1st) - කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ පුද්ගලයාගේ අත් පා බැඳ දමා ඇඳක් මත ගැට ගසා පුළුස්සා ඇති බවයි. ඝාතනයට ලක් ව ඇත්තේ හෝකන්දර පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙකි. මෘත ශරීරය ජාතික රෝහලේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත. https://www.youtube.com/watch?v=7EiSeFkzyqo