COLOMBO (News 1st) : වේල්ල වීදියෙන් හමුවූ හිස නැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව පදිංචි තිස් හැවිරිදි තරුණියගේ බව DNA පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර ගමන් මල්ලක බහා පිටකොටුව, වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී මහ මඟ දමාගොස් තිබියදී සොයා ගැනුණේ පසුගිය 1 වෙනිදා ය.
මළ සිරුරේ හිස කොටස සොයා කැලණි ගඟ දෙපස , කැලණි මෝයකට පිහිටි මෝදර ප්‍රදේශයේ සිට හංවැල්ල දක්වා ප්‍රදේශය මෙන්ම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ඇතුළු අවට ප්‍රදේශ සෝදියට ලක් කළ ද මේ දක්වා එම හිස කොටස සොයා ගැනීමට නොහැකිව ඇත .
ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුර ගමන්බෑගයක දමා වේල්ල වීදියට රැගෙන ආ බුත්තල පොලීසියට අනියුක්තව සේවය කළ සැකකාර උප පොලිස් පරික්ෂකවරයා පසුව සිය දිවි හානි කර ගත්තේ ය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩයම් නිවස වැටලීමට ගිය අවස්ථාවේ නිවසින් පළා ගොස් බඩල්කුඹුරේ නිවසට ආසන්න කෑලෑබද ප්‍රදේශයකදී සිය දිවි නසා ගෙන තිබිණ.
සබැඳි පුවත්….
*
තරුණිය ඝාතනයේ සැකකාර පොලිස් නිලධාරියා සිය දිවි නසාගනී
*
හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර හඳුනා ගනී…
*
හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර කොළඹට ගෙනා හැටි….