ගමන් මල්ලක දමා තිබූ මළ සිරුරක් වේල්ල වීදියෙන්..

ගමන් මල්ලක දමා තිබූ හිස කඳින් වෙන් කළ තරුණියකගේ මළ සිරුරක් වේල්ල වීදියෙන්

by Staff writer 01-03-2021 | 3:17 PM

COLOMBO (News 1st) : හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක දමා, මහ මඟ දමාගොස් තිබියදී පිටකොටුව, වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී අද සොයා ගත්තේය.

පොලීසිය පැවසුවේ ඇය වයස අවුරුදු 20 ක් පමණ වු තරුණියක් බවය. එම කාන්තා මළ සිරුර ගමන් මල්ලක් තුළ දමාගෙන පුද්ගලයෙකු රැගෙන විත් එම ස්ථානයේ දමා යන අයුරු අසල පිහිටි සී.සී.ටී.වී. කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි. https://youtu.be/w4FfKh1LFlU