Update - තරුණිය ඝාතනයේ සැකකාර පොලිස් නිලධාරියා සිය දිවි නසාගනී

by Sagarika Chathumali 03-03-2021 | 7:23 AM

COLOMBO (News 1st) - ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුර ගමන්බෑගයක දමා වේල්ල වීදියට රැගෙනා බුත්තල පොලීසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයා සිය දිවි හානි කරගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකකාශවරයා පැවසුවේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ පොලිස් කණ්ඩයම් නිවස වැටලීමට ගිය අවස්ථාවේ ඔහු නිවසින් පළා ඇති බවයි. අද උදෑසන පොලීසිය කළ සෝදිසි කිරීම්වලදී බඩල්කුඹුර, 5 කණුව ප්‍රදේශයේ නිවසට ආසන්න කෑලෑබද ප්‍රදේශයක ගසක එල්ලෙමින් තිබියදී  ඔහුගේ  සිරුර හමු වී තිබේ. ආසන්නයේ තිබී වස කුප්පියක් ද හමුවී ඇති ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

සබැඳි පුවත්....

*හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර හඳුනා ගනී…

*හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුර කොළඹට ගෙනා හැටි….

https://youtu.be/tzQ7miTExoo   https://www.youtube.com/watch?v=w4FfKh1LFlU