මියන්මාරයේ උද්ඝෝෂකයින්ට පොලීසියෙන් ජල ප්‍රහාර

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා පාරට බැස්ස මියන්මාර ජනතාවට පොලීසියෙන් ප්‍රතිචාර

by Sagarika Chathumali 08-02-2021 | 4:35 PM

COLOMBO (News 1st) : පසුගිය දා සිදු වූ හමුදා කුමන්ත්‍රණයකට එරෙහිව මියන්මාර අගනුවර උද්ඝෝෂණයේ නිරත කම්කරුවන් විසුරුවා හැරීමට එරට පොලීසිය ජල ප්‍රහාර එල්ලකර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය කරමින් තේරීපත්ව සිටින නායිකා අවුන් සාන් සූචී නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් වූ මියන්මාර වැසියන් දින 3ක් තිසේසේ විරෝධාවල නිරතව සිටී. මේ අතර රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ හමුදා පාලකයින් උද්ඝෝෂකයින්ට අනතුරු අඟවා ඇත්තේ, මහජන ආරක්ෂාවට හෝ නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් වුවහොත් උද්ඝෝෂකයින්ට එරෙහිව පියවර ගන්නා බවටයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙය මියන්මාර‌යේ උද්ඝෝෂණයක් සඳහා මෙතරම් විශාල ජනතාවක් සහභාගී ව සිටින්නේ දශක ගණනාවකට පසුව බවයි. පැවති මැතිවරණය වංචා සහගත බවට චෝදනා කරමින් පසුගිය පෙබරවාරි 1 වනදා එරට සිවිල් නායිකා අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගෙන හමුදාව රටේ පාලන බලය සියතට ගත්තේ ය. කුමන්ත්‍රණයෙන් පසු වසරක කාලයක් සඳහා රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් අණදෙන නිලධාරී මින් අවුන්ග් හේලින්ග් වෙත බලය පැවරිණ. හමුදා අත්අඩංගුවට පත් නායිකා අවුන් සාන් සූචී මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සබැඳි පුවත්... 

BREAKING : සූචී අත්අඩංගුවට ගෙන මියන්මාර හමුදාව රටේ බලය අල්ලා ගනී

? හමුදා අත්අඩංගුවට පත් මියන්මාර් නායිකාව රක්ෂිත බන්ධනාගාරයට

? රට අල්ලා ගත් හමුදාව මියන්මාරයේ Facebook තහනම් කරයි