මියන්මාරයේ Facebook තහනම්... !

රට අල්ලා ගත් හමුදාව මියන්මාරයේ Facebook තහනම් කරයි

by Janitha Mendis 04-02-2021 | 8:59 PM

COLOMBO (News 1st) – ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව බිඳ හෙළා බලය අල්ලා ගත් මියන්මාරයේ හමුදා පාලකයින් එරට තුළ Facebook සමාජ මාධ්‍යට ප්‍රවේශවීම අවහිර කර තිබේ.

ඒ, Facebook සාමජ මාධ්‍ය පසුගිය සඳුදා සිදු වූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිවීමේ වීමේ ප්‍රධාන මාධ්‍ය බවට පත්ව ඇති පසුබිමකදී ය. කෙසේ වෙත්ත හමුදාව පවසා අත්තේ, රටේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි. එරට සන්නිවේදන සහ තොරතුරු අමත්‍යංශය පවසන්නේ, ලබන 7 වනදා දක්වා මියන්මාරය තුළ Facebook ක්‍රියාකාරීත්වය අවහිර කළ බවයි. මියන්මාරයේ බොහෝ දෙනෙකු තොරතුරු සම්පාදනය කරගන්නා ප්‍රමුඛ මාර්ගය වන්නේ, සාමජ මාධ්‍යයි. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, Facebook අත්හිටුවීමත් සමග ජනතාව විකල්ප යෙදවුම් බාගත කිරීමට ක්‍රියා කරමින් සිටින බවයි. පසුගිය සඳුදා හමුදා ප්‍රධානී මින් අවුන්ග් හේලින්ග් නායකත්වය දුන් කුමන්ත්‍රණයෙන් නායිකා අවුන් සාන් සූචී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගනිමින් මියන්මාර හමුදාව බලය සියතට ගත්තේ ය. අත්අඩංගුවට ගත් සිවිල් නායිකාව සහ ජනාධිපති වින් මයින්ට් ඊයේ (3) රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. අපනයන සහ ආනයන නීතින් උල්ලංඝණය කිරීම සහ නීතිවිරෝධි සන්නිවේදන උපකරණ භාවිත කිරීම අවුන් සාන් සූචීට එරෙහිව එල්ල කර ඇති චෝදනාවන් වූ අතර ජනාධිපතිවරයාට එරෙහිව එල්ල කර ඇත්තේ, මැතිවරණ ව්‍යාපාරය තුළදී කොවිඩ් නීතිරීතින් උල්ලංඝණය කිරීමයි. නොවැම්බර් මාසයේ මැතිවරණයෙන් අවුන් සාන් සූචීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රමාණවත් ජයග්‍රහණයක් ලැබූ අතර හමුදාව දිගින් දිගටම චෝදනා කළේ, පැවති මැතිවරණය වංචනික බවයි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම ද එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, එවැනි වංචාවක් සිදුවූබවට සාධක නොමැති බවයි.