ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

14 Jan, 2021 | 6:01 am

දේශීය පුවත්

1. “ළමා ගැබ් ගැනීම් වැඩිවෙලා, ගැබ් ගත්ත පොඩිම දරුවාගේ වයස අවුරුදු 11යි” – රාජ්‍ය ඇමති පියල් නිශාන්ත: වර්තමානය වනවිට ළමා පරපුර දැඩි අභියෝගයකට මුහුණ දී සිටින බව රාජ්‍ය අමාත්‍ය නිශාන්ත ද සිල්වා මහතා පවසයි.

2. ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙමින් MTV සමාගමට එරෙහි නඩුව අංක 01 අධිකරණයේ දිසා විනිසුරු ඉදිරියේ කැඳවයි: MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව ගොනු කළ නඩුව අංක 06 අධිකරණයේදී විභාගයට ගන්නා ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම කළ ඉල්ලීම අතිරේක දිසා විනිසුරුවරයා ඊයේ ප්‍රතික්ෂේප කර තිබේ.

3. තවත් කොරෝනා මරණ 03ක්: තවත් කොරෝනා මරණ 03ක් ඊයේ වාර්තා වී තිබේ.

4. නැගෙනහිර පර්යන්තය විකුණන්නේවත් බදු දෙන්නේවත් නැහැ – ජනපති: කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම නොකරන බව ජනපති වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට පවසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විදෙස් පුවත්

5. ජනපති ට්‍රම්ප්ගේ YouTube ගිණුම ත් අත්හිටුවයි: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ YouTube ගිණුම අත්හිටුවීමට Google සමාගම පියවර ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]