ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 01-08-2020 | 6:29 AM

දේශීය පුවත්

1. ශානි අබේසේකර රිමාන්ඩ්..: අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ලබන 07 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2. අනුර කුමාර මහ නා හිමිවරුන් බැහැදකී: ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදුටුහ. 3. "එක්කො සම්පායො අල්ලන්න ඕන… නැත්නම්, අල්ලන්න බැරි හේතුව කියන්න ඕන”- නීතිපති දෙපාර්තමේන්තුව: නීතිපති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත පිළිබඳව දැඩි අප්‍රසාදය පළවිය. 4. කොළඹ වරායේ පර්යන්ත තුනේම වැඩ නවතී: කොළඹ වරායේ පර්යන්ත තුනේම කටයුතු ඊයේ පස්වරුවේ නතර කළ බව වෘත්තීය සමිති පවසයි.

විදෙස් පුවත්

5. ප්‍රජාතන්ත්‍ර හිතවාදී අපේක්ෂකයන් 12 දෙනෙකුගේ නාම යෝජනා හොංකොං බලධාරීන් ප්‍රතික්ෂේප කරයි: ඉදිරි මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍ර හිතවාදී අපේක්ෂකයින් 12 දෙනෙකු ඉදිරිපත් කළ නාම යෝජනා හොංකොං බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබේ.