හොංකොං ඡන්දයෙන් අපේක්ෂකයන් 12කගේ නාම යෝජනා ඉවතට

ප්‍රජාතන්ත්‍ර හිතවාදී අපේක්ෂකයන් 12 දෙනෙකුගේ නාම යෝජනා හොංකොං බලධාරීන් ප්‍රතික්ෂේප කරයි

by Staff writer 31-07-2020 | 10:44 AM

News 1st :  ඉදිරි මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍ර හිතවාදී අපේක්ෂකයින් 12 දෙනෙකු ඉදිරිපත් කළ නාම යෝජනා හොංකොං බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ හොං කොං දේශයේ දේශපාලන අර්බුද තවදුරටත් උත්සන්න කරමිනි. හොංකොං රජය ප්‍රකාශ කළේ, එම පුද්ගලයන් 12 දෙනෙකු මැතිවරණයට තරග වැදීමට නුසුදුසු බැවින් එම පියවර ගත් බවයි. හොංකොං විපක්ෂ දේශපාලනඥයින් මෙවර මැතිවරණයෙන් නීති සම්පාදක කවුන්සිලයේ බහුතරය හිමිකර ගැනීමට අපේක්ෂා කළ පසුබිමකදී මෙය වාර්තා වෙයි. එලෙසම හොංකොං දේශය සම්බන්ධයෙන් ආරක්ෂාව පිළිබඳ නව පනතක් සම්මත කර ගැනීමට චීනය පියවර ගත් පසුබිමකදී මෙය වාර්තා වන බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ.