BREAKING : වරාය පර්යන්ත තුනේම වැඩ නවතී

BREAKING : කොළඹ වරායේ පර්යන්ත තුනේම වැඩ නවතී

by Staff writer 31-07-2020 | 5:14 PM
COLOMBO (News 1st) : කොළඹ  වරායේ පර්යන්ත තුනේම කටයුතු අද පස්වරුවේ නතර කළ බව වෘත්තීය සමිති පවසයි. වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශිලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශමාල් සුමනරත්න මහතා ප්‍රකාශ කළේ, නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් අපේක්ෂාවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹුණු බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම්, වරාය අධිකාරිය යටතේ ආරම්භ කරන්නැයි ඉල්ලමින් වරාය වෘත්තීය සමිති අද තුන්වන දිනටත් සත්‍යග්‍රහයක නිරත වේ.   https://www.facebook.com/NewsfirstSL/videos/289323435678566/ https://www.facebook.com/NewsfirstSL/videos/719392722188609/