ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 27-05-2020 | 6:21 AM

දේශීය පුවත්

1. අද දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 135ක්: මෙරටින් වාර්තා වන සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 1317ක් දක්වා වැඩි වී තිබේ. 2. අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් අභාවප්‍රාප්ත වෙයි: ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 3. නල්ලතන්නියේදී මද්දකට හසු වූ දුර්ලභ කළු කොටියා මුදා ගැනේ: දුර්ලභ කළු කොටියෙකු හැටන්, නල්ලතන්නිය ප්‍රදේශයේ අටවා තිබූ මද්දක හසුවී තුවාල ලැබුවේ ය. 4. අගෝස්තු 1 සිට සිට විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපළ විවෘත කිරීමට කොවිඩ් මර්දන බලකායෙන් ජනපතිට යෝජනාවක්: රට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන නිසා අගොස්තු මස 1 වන දා සිට විදේශීය සංචාරකයින්ට ගුවන්තොටුපළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධන බලකාය ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.

විදෙස් පුවත්

5. COVID-19: හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය අත්හදා බැලීම නවත්වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙයි: කොරෝනා වෛරසය සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් අත්හදා බැලීම නැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.