අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් අභාවප්‍රාප්ත වෙයි

අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් අභාවප්‍රාප්ත වෙයි

by Chathuranga Rajapaksha 26-05-2020 | 9:26 PM

COLOMBO (News 1st):  ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

නිවුස් ෆස්ට් වෙත මේ බව තහවුරු කළේ, එම පක්ෂයේ උපනායක මරදපාන්ඩි රමේශ්වරන් මහතා ය. ආරුමුගන් තොණ්ඩමාන් මහතා උපත ලැබුවේ 1964 වසරේ මැයි මස 29 වැනිදායි. ඔහු දේශපාලනයේ නිරත වුණේ තම මුත්තණුවන් වූ සෞම්‍යමූර්ති තොණ්ඩමාන් මහතාගේ අඩිපාරේ යමින් ය. 1994 වසරේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඔහු පාර්ලිමේන්තුවට පිවිසුණේ ය. ලංකා කම්කරු කොංග්‍රසයට නායකත්වය දුන් ඔහු මෙරට ප්‍රධාන පක්ෂ නායකයින් සමග සමීපව කටයුතු කළ දේශපාන නායකයෙකි. වර්තමාන අමාත්‍ය මණ්ඩලයේද සාමාජිකයෙකු වන ඔහු මින් පෙර විවිධ අමාත්‍ය ධුර හොබවමින් කඳුරට ජනතාවට දැවැන්ත සේවයක් ඉටු කළේ ය. පශු සම්පත් හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධුරය කිහිපවරක්ම හෙබවූයේ ආරුමුගන් තොණ්ඩමාන් මහතායි.