ගුවන්තොටුපළ විවෘත කිරීමට අදාළව යෝජනාවක්

අගෝස්තු 1 සිට සිට විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපළ විවෘත කිරීමට කොවිඩ් මර්දන බලකායෙන් ජනපතිට යෝජනාවක්

by Staff writer 26-05-2020 | 4:49 PM
COLOMBO (News 1st) : රට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන නිසා අගොස්තු මස 1 වන දා සිට විදේශීය සංචාරකයින්ට ගුවන්තොටුපළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධන බලකාය ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ. එහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දි ඇත්තේ සංචාරකයින් සඳහා රට විවෘත කිරීම අන්තර්ජාතික හා දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු කළ යුතු බවයි. කාර්ය සාදන බලකාය මෙම යෝජනාව සිදු කර ඇත්තේ, අද දහවල් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි. මේ අතර අප්‍රේල් මස 30 වන දා සිට අද දක්වා සමාජයෙන් කොවිඩ් ආසාදිතයෙකු හමු නොවීම රට ලැබු ජයග්‍රහණයක් බව කොවිඩ් මර්දන කාර්ය සාදන බලකාය පෙන්වා දෙයි. පළමු අදියර යටතේ ශ්‍රීලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් හා අවන්හල් අභ්‍යන්තර පරිහරණය සදහා විවෘත කිරිමටද මෙම සාකච්ඡාවේදී තිරණය කර තිබේ. එහි ප්‍රගතිය අනුව ලියාපදිචි නොකළ ආයතන සඳහා ද හමුදාවේ සහය ඇතිව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධිකෂණයෙන් ආපන ශාලා විවෘත කිරිමට පියවර ගැනෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. https://www.facebook.com/NewsfirstSL/videos/558222891546569/