ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 14-10-2019 | 7:13 AM
දේශීය පුවත් 1. හල්දුම්මුල්ල, ඇල්ල හා පස්සරට නායයාම් අනතුරු ඇඟවීම් : පවතින වර්ෂාවත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. 2 . ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 84ක්: පැය 24 ක කාලයක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 84 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 3 . ලොතරැයි දිනුම් පෙන්නා සමාජ මාධ්‍ය හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක්: සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා මහජනතාව රවටා මුදල් වංචා කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් වී තිබේ. 4 . ඡන්ද පත්‍රිකා ලබන 6 වැනි දාට පෙර ජාතික මැතිවරණ කොමිසමට: ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා ලබන 6 වැනි දාට පෙර ජාතික මැතිවරණ කොමිසමට භාර දෙන බව රජයේ මුද්‍රණාලය පවසයි. 5 . වැලිමඩදී නිවසකට ගසක් කඩා වැටීමෙන් තිදෙනෙකු මරුට: වැලිමඩ නගරයේ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල අසළ පිහිටි නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් පුවත් 1 . හගිබිස් සුළි කුණාටුවෙන් ජපානයේ 4 ක් මරුට 17 ක් අතුරුදන්: හගිබිස් සුළි කුණාටුව ජපානයේ ඉසු අර්ධද්වීපයට කඩා වැදී තිබේ.