ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 28-07-2019 | 6:29 AM

දේශීය පුවත්

1. අගමැති ඉන්දියාවේ දේව යාගයක: අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටී. 2. කොළඹ සරසවියේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය වසා දැමේ: කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ. 3. දින 22ක මෙහෙයුමකින් බීමත් රියැදුරන් 5705ක් අත්අඩංගුවට: දින 22 ක් තුළ ක්‍රියාත්මක කළ පොලිස් මෙහෙයුමෙන් බීමත් රියැදුරන් 5705ක් අත්අඩංගුවට ගෙන තිබේ. 4. ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ලබන 31 සිට තහනම්: මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළව පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම දේශන පැවැත්වීම ඇතුළු ප්‍රචාරණ කටයුතු ලබන 31 වන දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විදෙස් පුවත්

5. තාක්‍ෂණික දෝෂයක් නිසා බ්‍රිතාන්‍යයේ ගුවන්තොටුපොළවල් දෙකක ගුවන් ගමන් රැසකට බාධා: බ්‍රිතාන්‍යයේ කාර්යබහුලම ගුවන්තොටුපොළවල් දෙකක් වන ලන්ඩනයේ හීත්‍රෝ සහ ගැට්වික් යන ගුවන්තොටුපොළවල් ආශ්‍රිතව ඇති වූ තාක්‍ෂණික දෝෂ හේතුවෙන් ගුවන් ගමන් රැසකට බාධා එල්ල වී තිබේ.