බීමත් රියැදුරන් 5705ක් අත්අඩංගුවට

දින 22ක මෙහෙයුමකින් බීමත් රියැදුරන් 5705ක් අත්අඩංගුවට

by Staff writer 27-07-2019 | 3:13 PM
COLOMBO (News 1st) : දින 22 ක් තුළ ක්‍රියාත්මක කළ පොලිස් මෙහෙයුමෙන් බීමත් රියැදුරන් 5705ක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, බීමත් රියැදුරෙකු සඳහා දඩය රුපියල් 25,000 ත් රුපියල් 30,000 ක් අතර විය හැකි බවයි. අද උදෑසන 6 න් අවසන් වූ පැය පැය 24 තුළ පමණක් බීමත් රියදුරන් 208 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 05 වන දා ආරම්භ කළ මෙම මෙහෙයුම ලබන අගෝස්තු මස 05 වන දා දක්වා ක්‍රියාත්මකයි.