ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති 31 සිට තහනම්

ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ලබන 31 සිට තහනම්

by Staff writer 27-07-2019 | 12:18 PM

 COLOMBO (News 1st) -මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළව පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම, දේශන පැවැත්වීම ඇතුළු ප්‍රචාරණ කටයුතු ලබන 31 වන දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ලබන 04 වන දා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට සියලු කටයුතු මේ වන විට සූදානම් බව ය.