ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 06-07-2019 | 6:26 AM

දේශීය පුවත්

1. “ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ” – ජනපති: ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 2. ඇවන්ගාඩ් සභාපති ඇතුළු 8 ක් වහාම අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග: විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති ඇතුළු 08 දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. 3. පලාලි සිට ඉන්දියාව ඇතුළු ආසියා රටවල⁣ට ගුවන් ගමන්: පලාලි ගුවන් තොටුපොළෙන් ලබන සැප්තැම්බර් මාසයේ සිට ඉන්දියාව ඇතුළු ආසියා කලාපයේ රටවලට ගුවන් ගමන් ආරම්භ කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 4. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 30 දක්වා වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්: මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 30 වන දා දක්වා වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

විදෙස් පුවත්

5. ටියුනීසියා මුහුදේදී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 82 දෙනෙකු අතුරුදන්: ටියුනීසියා මුහුදේදී නීතී විරෝධී සංක්‍රමණිකයින් පිරිසක් රැගත් යාත්‍රාවක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 82 දෙනෙකු අතුරුදන්ව තිබේ.