මරණ දඬුවම: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 30 දක්වා වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්

by Staff writer 05-07-2019 | 2:06 PM
COLOMBO (News 1st) - මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 30 වන දා දක්වා වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළේ ය. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ආරම්භ කළ අවස්ථාවේදී බුවනෙක අලුවිහාරේ, ගාමිණි අමරසේකර සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කරනු ලැබී ය.