"21 ප්‍රහාරයේ ත්‍රස්තයින් විනාශ කර අවසන්"

"ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ" - ජනපති

by Staff writer 05-07-2019 | 6:42 PM

COLOMBO (News 1st) - ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා සඳහන් කළේ, අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සංවිධානය මේ වනවිට ශ්‍රී ලංකාව තුළ විනාශ කර ඇති බවයි. රටේ ස්ථිර සාමයක් ගොඩනැගී තිබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, පොළොන්නරුව ආනන්ද විද්‍යා නිකේතනයේ ඉදිකෙරුණු දෙමහල් භික්ෂු නේවාසිකාගාර ගොඩනැගිල්ල සඟ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.