ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 12-04-2019 | 6:40 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් ජී.එල්. පීරිස් මහතා සිදු කළ ප්‍රකාශය මෙම සාකච්ඡාවලට බාධාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි. 3. ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීම ගැන එක්සත් ජාතික පක්ෂයට කිසිදු ගැටලුවක් නොමැති බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි. 4. තම පක්ෂය ඇතුළු සන්ධානය පසුගිය වසරේ සිදු කළ වැරද්දක් හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් පසුබෑමට ලක් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. 5. රන් බිස්කට් තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු රේගු අත්අඩංගුවට ගෙන තිබේ. 6. කුඩා නෞකාවකින් ශ්‍රී ලංකාවට හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයින් 9 දෙනා ලබන 23 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ නියෝග කළා ය. 7. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඇගයීම් සහ ප්‍රායෝගික පරීක්ෂණවලට අදාළව ගුරුවරුන්ට මෙතෙක් ගෙවීම් කර නොමැති බවට ඒකාබද්ධ ගුරුසේවා සංගමය චෝදනා කරයි. විදෙස් පුවත් 8. ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය කළ විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගෙන තිබේ.